මෙම ඉගෙනුම් පද්ධතිය JLPT, NAT විභාගවල N5 මට්ටම දක්වා මුහුණ දී සමත් වීමට හැකි වන අයුරින් සකසා ඇත. ඊට අමතරව අපොස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සඳහා ජපන් භාෂාව හදාරන සිසුන්ට ද සාමාන්‍ය දැනුම සඳහා ජපන් ඉගෙන ගන්නා අයවලුන්ට ද සරලව හා සිත්ගන්නාසුලු අයුරින් කරගෙන යා හැකි ආකාරයට පාඩම් පෙළගස්වා ඇත.
මුලින්ම ඔබ කළ යුත්තේ මාර්ගෝපදේශයේ සඳහන් ආකාරය අනුගමනය කරමින් මෙහි ලියාපදිංචි වීමයි. ඉන්පසු කැමති නම් හෝ ඔබට මූලික ජපන් භාෂා දැනුමක් තිබේ නම් හෝ මෙහි ඇතුළත් යෝග්‍යතා පරීක්ෂණයට සහභාගි විය හැකි ය. නැතිනම් කෙලින් ම පාඩම් වෙත යා හැකි ය.
යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔබ ලබා ගන්නා ලකුණු ප්‍රමාණය මත ඔබ සුදුසුකම් ලබන මට්ටම තීරණය කෙරේ. සෑම මට්ටමක් අවසානයේ දී ම ඇගයීමේ පරීක්ෂණයකට මුහුණ දිය යුතු ය. එහි සාමාර්ථය මත ඊළඟ මට්ටමට උසස් කරනු ලැබේ. එවැනි මට්ටම් 10 ක් සමත් වී අවසානයේ N5 ආකෘතියට සැකසූ විභාගයකට මුහුණ දීමට සිදුවේ. එම විභාගය සමත් වුවහොත් ඔබට අනිවාර්යයෙන්ම JLPT හෝ NAT විභාගවල N5 මට්ටමට මුහුණ දීමට සුදුසුකම් ලැබේ. මේ තුළින් ඔබගේ උනන්දුව හා උත්සාහය මත ක්‍රියාකාරකම් හා ඇගයීම්වලට මුහුණ දෙමින් ඉක්මනින් ඔබගේ අරමුණ කාරා ළඟා වීමට හැකි වේ.