මාර්ගෝපදේශ

1. www.nihongo.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

2. එහිදී දිස්වන ඇතුළුවන්න යනුවෙන් සඳහන් බොත්තම ඔබන්න.

3. ඉන්පසු දැක්වෙන තිරයේ පහළ කොටසේ register යනුවෙන් ලියා ඇති ලින්කුව එබූ විට ඔබට ලියාපදිංචි පෝරමයක් දිස්වේ.

4. එම පෝරමයේ ඔබගේ හැදුනුම්පත් අංකය, දුරකථන අංකය සහ මුරපදය යොදා ලියාපදිංචි වීමට register බොත්තම ඔබන්න.

5. මෙහිදී දුරකථන අංකය සහ හැදුනුම්පත් අංකය සත්‍යාපනය කෙරෙන නිසා හැකිතාක් නිවැරදි තොරතුරු සැපයීමට ප්‍රවේශම් වන්න.

6. ඊළඟට ඔබ ඇතුළත් කළ දුරකථන අංකයට ඉලක්කම් 6 කින් සමන්විත අංකයක් ලැබෙනු ඇත.

7. එම අංකය ඔබේ තිරයේ දිස්වන Code යනුවෙන් සඳහන් හිස් කොටුවට ඇතුළත් කර Submit කරන්න.

8. ඉන්පසු ආයුබෝවන් නිහොන්ගො වෙත පිවිසීම සඳහා පහත තොරතුරු සපයන්න යනුවෙන් තවත් පෝරමයක් ඔබ වෙත ලැබේ.

9. එහිදී ඔබගේ භාවිතයේ පවතින විද්‍යුත් තැපැල් ලිපිනයක් සමඟ නම, ලිපිනය, උපන්දිනය, ස්ත්‍රී පුරුෂ භාවය ආදී ජීව දත්ත ඇතුළත් කර ලියාපදිංචි වන්න.

10. එසේ ලියාපදිංචි වීමෙන් පසු ඔබගේ එම තොරතුරු සත්‍යාපනය කිරීම සඳහා ඔබගේ විද්‍යුත් තැපෑල වෙත යොමු කෙරේ (ඔබට මද වේලාවකින් විද්‍යුත් ලිපියක් නොලැබී ඇති නම් spam එක පරීක්ෂා කරන්න. නැතිනම් ඔබගේ විද්‍යුත් ලිපි ගබඩාව පිරී තිබීම වැනි හේතුවක් විය හැකි බව සලකන්න).

11. ඔබගේ විද්‍යුත් තැපෑල විවෘත කර එහි දැක්වෙන නිල් පැහැති ලින්කුව ඒබීමෙන් නැවත ඔබව නිහොංගො වෙබ් අඩවිය වෙත යොමු කෙරෙනු ඇත.

12. දැන් ඔබ ලියාපදිංචි වී අවසානයි. එතනදී ඔබට දිස්වන නිල් පැහැති ලින්කුව ඔබන්න. දැන් ඔබ නිහොංගො වෙබ් අඩවිය වෙත සපැමිණ ඇත.

13. නිහොංගො වෙබ් අඩවියේ පිළිගැනීමේ පිටුවේ දී දකුණු පසින් යෝග්‍යතා පරීක්ෂණයට යමු යනුවෙන් ලියැවුණු රතු පැහැති බොත්තමක් දක්නට ලැබේ. ඔබට ජපන් භාෂාව ගැන යම් දැනුමක් තිබේ නම් හෝ වෙනත් විදයකින් ජපන් ඉගෙන ගනිමින් සිටී නම් ඔබට යෝග්‍යතා පරීක්ෂණයට මුහුණ දිය හැකිය. එම පරීක්ෂණයේ දී ඔබ ලබා ගන්නා ලකුණු මට්ටම අනුව ඔබ සුදුසුකම් ලැබූ අධ්‍යයන මට්ටම හැදෑරීමට එයින් අවසර ලැබේ.

14. ඔබට ජපන් දැනුමක් නොමැති නම් හෝ යොග්‍යතා පරීක්ෂණයට මුහුණ දීමට කැමැත්තක් නැති නම් පහළින් දැක්වෙන පාඩම වෙත යමු යනුවෙන් සඳහන් නිල් පැහැති බොත්තම එබීමෙන් මුල සිටම ජපන් භාෂාව හැදෑරීමට අවසර ලැබේ.

15. යෝග්‍යතා පරීක්ෂණයට මුහුණ දී ඉදිරියට ගියත් එසේ නැතහොත් කෙලින්ම පාඩම වෙත ගියත් ඊළඟට ඔබට දිස්වන පිටුවේ මට්ටම් දහයකින් සමන්විත මෙම පාඨමාලාවේ පැතිකඩ දක්නට ලැබේ.

16. ඉන්පසු ඒ ඒ මට්ටම් මුල සිටම මිල දී ගැනීම් සිදු කරමින් පාඨමාලාව ඉදිරියට හදාරමින් යාමට ඔබට හැකි වේ.

17. සෑම මට්ටමක් අවසානයේ ඊට අදාළ පැවරුම් විභාගයකට මුහුණ දීමට සිදුවේ. ඊළඟ මට්ටම හැදෑරීමට අවසර ලැබෙන්නේ එම විභාගයෙන් සමත් වුවහොත් පමණි.

18. මට්ටම් දහයකින් සමන්විත මෙම පාඨමාලාව හදාරා අවසානයේ N5 විභාගයේ ආකෘතියට සැකසූ අවාසාන පරීක්ෂණයකට මුහුණ දී ඉන් සමත් වුවහොත් ඔබට නිසැකවම JLPT හෝ NAT හෝ N5 විභාගයට මුහුණ දී සමත් විය හැකි මට්ටමේ පසුවන බව අවධාරණය කෙරේ.

Guidelines

1. Visit www.nihongo.lk website.

2. Press the button that says ඇතුළුවන්න.

3. Then when you press the link written on the bottom of the screen that says register, you will see a registration form.

4. Press the register button to register using your ID number, phone number and password in the form.

5. Here phone number and ID number will be verified so be careful to provide correct information as possible.

6. Next the phone number you entered will get a 6 digit number.

7. Enter that number in the blank box that appears on your screen called Code and submit.

8. Then you will get another form that says provide the following information to login to Hello Nihongo.

9. Then register by entering name, address, date of birth, gender etc. along with your existing email address.

10. After registration your details will be directed to your email for verification (If you haven't received an email in a while, check your spam folder. Or consider that your e-mail storage is full).

11. Open your e-mail and click on the blue link, which will redirect you to the Nihongo website.

12. Now your registration is done. Click on the blue link that appears there. You have now arrived at the Nihongo website.

13. On the welcome page of the Nihongo website, there is a red button on the right hand side that says Let's take the aptitude test (යෝග්‍යතා පරීෂණයට යමු). If you have some knowledge of Japanese or are learning Japanese in some other way, you can take the aptitude test. It allows you to study the level of study for which you are qualified based on the score you take in that test.

14. If you don't know Japanese or don't want to take the aptitude test, you can start learning Japanese by pressing the blue button that says "Go to Lesson" (පාඩම වෙත යමු) below.

15. Whether you pass the Aptitude Test or go directly to the lesson, the next page will show you the ten-level Dashboard.

16. You can then progress through the course by purchasing each level from scratch.

17. At the end of each level there will be an assignment test. Only if you pass the test, you will be allowed to study the next level.

18. It is emphasized that if you complete this ten-level course and pass a final modeled N5 exam, you will definitely be at the level to take and pass the JLPT or NAT N5 exam.

උපදේශකයෙකු හා සම්බන්ධ වන්න